Thursday, December 19, 2024

General line - 0115112241

බදු අඩු කිරීමෙන් රජයට නැති වන මුදල




උපයන විට බද්ද අඩු කිරීම හරහා රජයට වාර්ෂිකව රුපියල් බිලියන 25ත් 50ත් අතර මුදලක් අහිමි වනු ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා.

 කෙසේවෙතත් ඔහු කියාසිටියේ එය රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල නොකරන බවයි. 

ඊට වඩා උපයන විට බද්ද අඩු කිරීම හරහා ජනතාවට ලැබෙන සහනය ඉතා වැඩි බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසුවේ.

රඳවා තබා ගැනීමේ බදු සියයට 5 සිට සියයට 10 දක්වා වැඩි කිරීම රටට බලපාන්නේ කෙසේද?

සේවා අපනයන බදු අඩු කිරීමෙන් රටේ ආර්ථිකයට ඍජු වාසියක් සැලසෙනු ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසුවේ.

සියයට 30ක් වූ සේවා අපනයන බදු සියයට 15ක් දක්වා අඩු කිරීමටයි තීරණය කර ඇත්තේ.