පෞද්ගලික වාහන ආනයනය කිරීමේදී ජපානයේ භාවිත කළ වාහන සඳහා ප්රමුඛතාවක් හිමි වනු ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙංචිගේ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ වෙළඳපොළ තුළ ජනතාවගේ වැඩි කැමැත්ත ජපානයේ භාවිත කළ වාහන සඳහා පැවතීම ඊට හේතුව බවයි.
ඕනෑම පුද්ගලයෙකුට වාහනයක් මිලදීගත හැකි තත්ත්වයක් නිර්මාණය කරන බවයි මෙහිදී ප්රකාශ කෙරුණේ.
2025 වර්ෂයේ පෙබරවාරි 01 සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට අවස්ථාව ලබා දීමටයි රජය සැලසුම් කර ඇත්තේ.
මගී ප්රවාහන බස් සහ විශේෂ කාර්යයන් සඳහා භාවිත කරන වාහන ගෙන්වීමට ඉකුත් 14 සිට විවෘත කර තිබෙනවා.