කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්රී තැපැල් දුම්රියෙන් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් එම දුම්රියෙන් ඇද වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිය ගමනාන්තය වන කොටගල දක්වා දුම්රියෙන් පැමිණි එම පුද්ගලයාට කොටගල දුම්රිය ස්ථානයෙන් බැසීමට නොහැකි වීම හේතුවෙන් ඔහු දුම්රියෙන් බැසීමට උත්සහ කිරීමේදි දුම්රියෙන් ඇද වැටී එලෙස ජිවිතක්ෂයට පත්වන්නට ඇති බවයි දිඹුලපතන පොලිසිය සැක පළ කරන්නේ.
මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොටගල ගංගායිපුරම් ප්රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි එක්දරු පියෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දිඹුලපතන පොලිසිය මගින් ක්රියාත්මකයි.