ශ්‍රී ලංකා පොලීසියේ වාහන අවශ්‍යතාව සපුරාලීම සඳහා සහාය ලබාදීමක් ලෙස ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක මුදල් ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර තිබෙනවා.
එම ප්රදානය ලබාගැනීම සඳහා දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි ව තිබෙනවා.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කියා සිටියා.
එම ප්රදානය භාවිත කරමින් උතුරු පළාතේ පොලිස් ස්ථානවල රාජකාරි අවශ්‍යතා සඳහා කැබ් රථ ලබා දීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.