බලහත්කාරයෙන් නිවසකට ඇතුළු වී ගිනි අවියක් පෙන්වා ත්‍රිරෝද රථයක් පැහැරගෙන යාමේ සිද්ධියක විත්තිකරු වශයෙන් නම්කර සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නැමැත්තාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් අද කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැණුනා.
එම නඩු විභාගය පැවැත්වුණේ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේයි.
එහිදී පැමිණිල්ල මෙහෙයවන ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණා.
ඉන් අනතුරුව එම නඩුවේ වැඩිදුර විභාගය පෙබරවාරි මස 13 වනදාට කල් දැමූ අධිකරණය එදින විත්තිකරු විධිමත් ආරක්ෂාවක් යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා.