සහල් ආනයනය සඳහා රජය විසින් ලබා දී තිබූ කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.
මේ දක්වා කාලය තුළ කොළඹ වරායට ලැබුණු වැඩිම සහල් තොග ඊයේ දිනයේදී ලැබී තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනය වන විට සහල් මෙට්‍රික් ටොන් 35,000කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ.