Sunday, December 22, 2024

General line - 0115112241

උත්සව සමයේ ජනතාවට හිඟයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමට රජයෙන් නව වැඩපිළිවෙලක්




ජනතාවට අවශ්‍ය වන අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කරන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. 

අමාත්‍යවරයා පැවසුවේ උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ජනතාවට ලබාදීම සඳහා මේ වන විටත් රජය විසින් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි.


සහල් හිඟයක් ඇති නොවීමට අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විටත් රජය විසින් සකස් කරමින් සිටින බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.