බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි.
මේ අතර ප්‍රදේශ කිහිපයක ගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව කටයුතු කරන බහුදින යාත්‍රා සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ බටහිර, මධ්‍යම, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර් 55ත් 60ත් දක්වා ඉහළ යාමට හැකි බවයි.
මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර් 55ත් 60ත් දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ.