ගිනිකොණදිග බ්‍රසීලයේ අධිවේගී මාර්ගයක බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 32 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඒ, එම බස් රථය සාඕ පවුලෝ නගරයේ සිට බාහියා ප්‍රාන්තයට පිටත්ව යමින් සිටියදීයි.
අනතුරට ලක්වන අවස්ථාවේදී බස් රථයේ මගීන් 45 දෙනෙකු සිට ඇති අතර පුද්ගලයන් 08 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
මියගිය පිරිස අතර කුඩා දරුවෙකු ද වන බව වාර්තා වනවා.
බස් රථයේ ටයරයක් පීපිරිමත් සමඟ රියදුරුට රථය පාලනය කරගත නොහැකිව ට්‍රක් රථයක ගැටී තිබෙනවා.
තවත් මෝටර් රථයක් ද බස් රථයේ ගැටී ඇති නමුත් එහි සිටි මගීන් තිදෙනාම දිවි ගලවා ගෙන ඇති බවයි එරට පොලිසිය සඳහන් කර ඇත්තේ.
අනතුරට පත් වූවන් මේවන විට එම ස්ථානයෙන් ඉවත් කර ඇති අතර අදාළ අනතුරට හේතුව සොයා බැලීම සඳහා පරීක්ෂණයක් පවත්වන බවයි බ්‍රසීල රජය පැවසුවේ.
ට්‍රක් රථයේ රියදුරු මේවන විට පලා ගොස් ඇති අතර ඔහු සොයා පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මකයි.
කෙසේවෙතත් බ්‍රසීල ප්‍රවාහන අමාත්‍යාංශයට අනුව 2024 දී බ්‍රසීලයේ රථවාහන අනතුරු වලින් 10,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.