උත්සව සමය තුළ කොළඹ, පිටකොටුව ප්‍රදේශයට පැමිණෙන මහජනතාව තමන්ගේ මුදල් පසුම්බිය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සුරක්ෂිතව තබා ගන්නා ලෙස කොළඹ එකමුතු වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එහි සභාපති ක්‍රිෂාන් මහලබගේ මහතා පැවසුවේ කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල ගැටකපන්නන් බහුලව සිටින බැවින් ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි.
එමෙන්ම කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ හා කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණෙන ජනතාවද මේ පිළිබඳ වැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස කොළඹ එකමුතු වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන් මහලබගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.