සහල් ආනයනය කිරීමේදී කිලෝ එකක් සඳහා රේගුව විසින් අයකරනු ලබන රුපියල් 65 ක බදු මුදල යම් ප්‍රමාණයකින් අඩුකර දෙන ලෙස ප්‍රදේශ රැසක වෙළෙන්දන් රජයෙන් ඉල්ලීමක් සිදු කරනවා.
ඔවුන් පෙන්වා දෙනේනේ ආනයනික සහල් සඳහා අය කරනු ලබන බදු ප්‍රමාණය අඩු කළහොත් හිඟයකින් තොරව පාලන මිල යටතේම සහල් අලෙවි කිරීමේ හැකියාවක් පවතින බවයි.
මරදගහමුල සහල් ව්‍යාපාරිකයන් ද රජයෙන් ඉල්ලා සිටින්නේ ආනයනික සහල් සඳහා සහනයක් ලබාදෙන ලෙසයි.
මේ අතර විලච්චිය ප්‍රදේශයේ ගොවි සංවිධාන රැසකට බන්ඩි පොහොර සහනාධාරය ලැබී තිබෙනවා.
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් ගොවි සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙකු මෙලෙස අදහස් පළ කළා.