සතුටින් පිරි වාසනාවන්ත ජීවිත ගත කිරීමට ආගමික කතුවරයන්ගේ ගුණ ධර්ම ජීවිතවලට එකතුකර ගැනීමට නත්තල් දින අදිටන් කරගත යුතු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ ශ්‍රී උපාලි හිමියන් පවසනවා.
නත්තල් දිනය වෙනුවෙන් කිතුනුවන්ට ආශිර්වාද කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමියන්ද කිතුනු ජනතාවට ආශිර්වාද කළා.
නත්තල උදාවත් සමග ඊයේ රාත්‍රියේ සිට බොහෝ දේවස්ථාන ආශ්‍රිතව විවිධ සැමරුම්ද පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.