Thursday, December 26, 2024

General line - 0115112241

නත්තල් දා සිට පොලිසියේ 45,000ක් ආරක්ෂාවට




උත්සව සමයේ දිවයිනම ආවරණය වන පරිදි විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ දේවස්ථාන ආශ්‍රිතව තවදුරටත් එම විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි. 

ඊයේ රාත්‍රියේද කොළඹ ඇතුළු තදාසන්න නගරවලට ජනතාව එක්රැස්ව සිටින අයුරු දැකගත හැකි වුණා.

ඒ, නත්තල් සිරි අසිරිය දැකබලා ගැනීම වෙනුවෙන්. 

කිතුනු ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක්ද යොදා තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.