Thursday, December 26, 2024

General line - 0115112241

වසර 16කට පසු කාන්තා ක්‍රිකට් පිලට සුපිරි අවස්ථාවක්




ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සුවිශේෂී අවස්ථාවක් හිමි වී තිබෙනවා. 

ඒ, ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සෘජුව සුදුසුකම් ලබා ගනිමින්. 2008 වසරෙන් පසු කාන්තා එක්දින ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සෘජුවම සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා පිලට මෙම අවස්ථාව හිමි වූයේ නවසීලන්තය, ඕස්ටේ්‍රලියාව හමුවේ ලැබූ දරුණු පරාජය හා ඉන්දියාව හමුවේ බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජයට පත් වීමයි. 

මීට පෙර ඕස්ටේ්‍රලියාව, එංගලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව කාන්තා එක්දින ලෝක කුසලානය සඳහා සෘජුවම සුදුසුකම් ලබා තිබුණා. 

ශ්‍රී ලංකාව මේ දක්වා තරග 24 කදී ජයග්‍රහණ 9ක් සමග ප්‍රසාද ලකුණු ලකුණු 22 ක් ද ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ 05වන ස්ථානයේ පසුවනවා. 

ඒ අනුව මේ වන විට වෙනත් කිසිදු කණ්ඩායමකට ඔවුන්ගේ ඉතිරි තරගවලදී ශ්‍රී ලංකාව අභිබවා යාමට නොහැකි බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ. 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කෙරෙහි ලොව පුරා වැඩි අවධානයක් යොමු වුණේ ඔවුන් ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසුවයි. 

එහෙත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ඉකුත් දා නිමාවට පත් වූ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ කිසිදු තරඟයක් හෝ ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකිවුණේ නැහැ. 

මීළඟ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2025 වසරේ අගෝස්තු - සැප්තැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිතයි.