ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්රාප්ත වී තිබෙනවා.
ඒ, හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන්.
පසුගියදා එංගලන්තයේ සිටි තම දියණිය බැලීමට ගොස් සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයව රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
දින දෙකක් ප්රතිකාර ලබමින් සිටින අතරතුරදි ඇය මෙලෙස මියගොස් තිබෙනවා.
වෘත්තියෙන් ගුරුවරියක් වන ඇය වෘත්තීය සටන්වලදී මෙන්ම අරගලය සමයේදීද සමාජයේ දැඩි කතාබහට ලක්වූ චරිතයක් වුණා.