දෙමටගොඩ, ශ්‍රී විසුද්ධාරාම ලුනාව දේවාල මහා විහාරස්ථානයේ 71 වන වාර්ෂික නානුමුර මංගල්‍ය පෙරහර 2024.12.25 වන දින සවස 06.00 සිට වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.
පෙරහර ශ්‍රී විසුද්ධාරාම ලුනාව දේවාල භූමියෙන් ආරම්භ වී ඉංග්‍රම් හන්දිය, සද්ධර්ම මාවත, ඛෙත්තාරාම පාර, අඩි 100 පාර, බේස්ලයින් පාර, ඔරුගොඩවත්ත හන්දිය, ස්ට්‍රේස් පාර, කොස්ගස් හන්දිය, ග්‍රෑන්ඩ්පාස් පාර, ඉඟුරුකඩේ හන්දිය, ඇප්රෝච් පාර, බණ්ඩාරනායක හන්දිය, බේස්ලයින් පාර, ඔරුගොඩවත්ත හන්දිය ඔස්සේ නැවත විහාරස්ථානය වෙත ගමන් කිරීමට නියමිතය.
පෙරහර ගමන් ගන්නා කාලය තුල එම මාර්ග ආශ්‍රිතව ඇති විය හැකි අධික රථ වාහන තදබදය මඟහරවාගැනීම සඳහා පහත විකල්ප මාර්ග භාවිතා කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.
කොළඹින් පිටවීම සඳහා ගමන් මාර්ග
බන්ධනාගාර හන්දියෙන් ආනන්ද රාජකරුණා මාවත හරහා පුංචි බොරැල්ල හන්දිය දක්වා ගමන් කර මරදාන පාර ඔස්සේ සිමන්ස් හන්දිය, පාලම් හන්දිය, ටෙක්නිකල් හන්දිය, සංඝරාජ වටරවුම, ආමර් වීදිය හන්දිය, ආබර් බාබර් හන්දිය, ඉඟුරුකඩේ හන්දිය, තොටලග හන්දිය, ජපන් මිත්‍රත්ව පාලම ඔස්සේ කොළඹින් පිටවීම.
ආබර් බාබර් හන්දිය, ඉඟුරු කඩේ හන්දිය, තොටලග හන්දිය, ජපන් මිත්‍රත්ව පාලම ඔස්සේ කොළඹින් පිටවීම.
දෙමටගොඩ ධර්මාරාම හන්දිය පාර, කොලොන්නාව පාර, වැල්ලම්පිටිය පොලිසිය ඉදිරිපිට ඔරුගොඩවත්ත හන්දිය, වැල්ලම්පිටිය මාර්ගයෙන් පැමිණ ඔරුගොඩවත්ත හන්දියෙන් දකුණට හැරී කැලණි පාලම ඔස්සේ පිටවීම.
කොළඹ දෙසට ගමන් කළ හැකි මාර්ග
නුවර පාර ඔස්සේ ඇතුල් වන වාහන බණ්ඩාරනායක වටරවුමෙන් දකුණට හැරී වේල්ස් කුමාර මාවත ඔස්සේ ගමන් කිරීම .
නවලෝක වටරවුම දෙස සිට පැමිණෙන වාහන ජපන් මිත්‍රත්ව පාලම, තොටලග හන්දිය, ඉඟුරුකඩේ හන්දිය, වේල්ස් කුමාර මාවත ඔස්සේ ගමන් කළ හැක.