Friday, December 27, 2024

General line - 0115112241

වසර දෙකකදී පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මගින් මෙගාවොට් 500ක් ජනනය කිරීමට සැලසුම්




කලාපයේ අධිකම බලශක්ති පිරිවැය දරන රටක් වන ශ්‍රී ලංකාවේ තත්වය වෙනස් කර දරාගත හැකි සාධාරණ මිලකට බලශක්තිය ලබාදීම නව රජයේ අරමුණ වන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසනවා. 

පුනර්ජනනීය බලශක්ති ආයෝජකයින් පිරිසක් සමග එම අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. 

මෙහිදී පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට සම්බන්ධ ආයතන වල නියෝජිතයින් සමග  එම ව්‍යාපෘතීන් මුහුණදී ඇති ගැටළු හා එම ව්‍යාපෘති වල වර්තමාන තත්වය මෙන්ම ප්‍රගතිය සම්බන්ධයෙන් වන කරුණු රැසක් සාකච්ඡාවට ලක්ව තිබෙනවා. 

මෙම පුනර්ජනනීය ව්‍යාපෘතින් මගින් ඉදිරි වසර දෙකක කාලය තුළ මෙගාවොට් 500කට වඩා වැඩි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට බලාපොරොත්තුව වන අතර ඒ සදහා ඉහළ ශක්‍යතාවක් පවතින බවද මෙහිදි අනාවරණ වූ බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළා.