Monday, January 13, 2025

General line - 0115112241

බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහොය අද




බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය සිදු වු දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි. 

වසරේ පළමු පොහොය දිනය වන දුරුතු පුර පසළොස්වක පොහොය ශාසන ඉතිහාසයේ සිදු වූ වැදගත් සිදුවීම් කිහිපයක් හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාවට ද වඩා වැදගත් වන බවයි පොල්ගස්ඕවිට, සියඹලාගොඩ සඳමෙත් අරණ භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක, කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද හිමියන් පැවසුවේ. 


ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් අද දිනයේ ආගමික කටයුතුවල නිරතවන ලෙසයි උන්වහන්සේ බෞද්ධ සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටියේ.


සමස්ත සමාජයම පිරිසිදුභාවයට පත් කිරීම සඳහා ජනතාව දායකත්වය ලබා දිය යුතු දිය හැකි ආකාරය සම්බන්ධයෙන්ද පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද හිමියන් මෙහිදී අදහස් පළ කළා.