අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් ප්‍රාන්තයේ පැතිර යන ලැව් ගිනි තවදුරටත් ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබෙනවා.
ලොස්ඇන්ජලිස්හි ජාතික කාලගුණ සේවය අනතුරු අඟවා ඇත්තේ එම ලැව් ගිනි ව්‍යාප්ත වීමට හේතු වී ඇති සැන්ටා ඇනා සුළං ප්‍රවාහය ඉදිරි දින කිහිපය තුළ නැවත ශක්තිමත් විය හැකි බවටයි.
ඒ අනුව පැයට කිලෝ මීටර් 112ක් දක්වා වූ සුළං ඇති විය හැකි බැවින් නැවත වරක් ලැව් ගිනි වේගවත් විය හැකි බවටයි අමෙරිකානු කාලගුණ විද්‍යා බලධාරින් අනතුරු අඟවා ඇත්තේ.
මේ වන විටත් අක්කර 14,117ක භූමි ප්‍රමාණයක ලැව් ගිනි පවතින බවයි ලොස්ඇන්ජලිස් බලධාරීන් පවසා ඇත්තේ.
ඒ අනුව දැනට පාලනය කර ඇත්තේ ලැව් ගිනි ව්‍යාප්ත වූ ප්‍රදේශවලින් සියයට 33ක කොටසක් පමණක් බවද ලොස්ඇන්ජලිස් බලධාරීන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
සතියකට අධික කාලයක් පුරා අමෙරිකාවේ ව්‍යාප්ත වූ ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් තිබෙනවා.