සෝමාවතිය පුදබිමට පිවිසෙන මාර්ගය ගංවතුරෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.
පොලීසිය පැවසුවේ සුංගාවිල, සෝමාවතිය මාර්ගය සෝමාවතිය පුදබිම ආසන්නයේ පිහිටි දිග්ගල ප්රදේශයේ සිට කිලෝමීටර් දෙකක පමණ කොටසක් ජලයෙන් යටවී ඇති බවයි.
මේ වන විට එම කොටස අඩි තුනක පමණ ජලයෙන් යටවී ඇති බවයි පොලීසිය පැවසුවේ.
පොළොන්නරුව දිස්ත්රික්කයට ඊයේ දිනයේ සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමග මෙම ගංවතුර තත්ත්වය හටගෙන තිබෙනවා.
සෝමාවතිය පුදබිම වන්දනා කිරීම සඳහා පැමිණ සිටි පිරිස් ඔවුන් පැමිණි බස්රථවලින් වැලිකන්ද දෙසින් පිටත් කර හැරීමට පියවර ගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.