දැනට නිකුත් කෙරෙන ජාතික හැඳුනුම්පත වෙනුවට ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීම මෙම මස අවසානයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමට විවිධ රජයන් 2012 වසරේ සිට උත්සහ දරා ඇති බවයි.
මෙම දත්ත පද්ධතිය සකස් කිරීමට රුපියල් බිලියන 20ක පමණ මුදලක් වැය වන බවත් ඉන් අඩක පමණ මුදලක් ඉන්දියානු ආධාර යටතේ ලබා ගැනීමට නියමිත බවත් එහිදී ප්‍රකාශ කෙරුණා.
මෙම වැඩසටහනට අදාළ මෘදුකාංග පද්ධතිය සකස් කිරීම ඉන්දියානු සමාගමක් හරහා සිදු කළද ඒ සඳහා මෙරට පුද්ගලයින්ගේ ජීව දත්ත ඇතුළත් කිරීම අදාළ ඉන්දියානු සමාගම හරහා සිදු නොකරන බවද නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා එහිදී සඳහන් කළා.