Tuesday, January 14, 2025

General line - 0115112241

බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට විශේෂ අවස්ථාවක්




තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා අද විශේෂ අවස්ථාවක් ලබා දී තිබෙනවා. 

ඒ අනුව හින්දු ආගමික රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා රසකැවිලි  එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව සලසා දී ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ. 

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව හා බන්ධනාගාර නිතීරීතී අනුව අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියලුම බන්ධනාගාරවල අද දිනයේ සිදු වන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.