සෝමාවතිය පුදබිමට පිවිසෙන මාර්ගය ගංවතුරෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
පොලීසිය පැවසුවේ සුංගාවිල, සෝමාවතිය මාර්ගය සෝමාවතිය පුදබිම ආසන්නයේ පිහිටි දිග්ගල ප්‍රදේශයේ සිට කිලෝමීටර් දෙකක පමණ කොටසක් ජලයෙන් යටවී ඇති බවයි.
ඊයේ දිනයේ සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමග මෙම ගංවතුර තත්ත්වය හටගෙන තිබෙනවා.
මේ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බවයි පොලීසිය පැවසුවේ.
සෝමාවතිය වන්දනා කිරීම සඳහා පැමිණ සිටි පිරිස් ඔවුන් පැමිණි බස්රථවලින් වැලිකන්ද දෙසින් පිටත් කර හැරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
ඇතිවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් අදාළ ස්ථානයන්හි යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා.
මේ අතර, උතුරු, නැගෙනහිර, උතුරුමැද, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා.