Wednesday, January 15, 2025

General line - 0115112241

දකුණු අප්‍රිකාවේ රත්‍රං පතලක සිරවී 100 දෙනෙකු මරුට




දකුණු අප්‍රිකාවේ අතහැර දමා ඇති රන් ආකරයක නීතිවිරෝධී ලෙස පතල්  කැණීම් කරමින් සිටි කම්කරුවන් 100 දෙනෙකු එම පතල තුළ සිරවී මියගොස් තිබෙනවා.

ගැඹුරු පොළොව යට සිරවී සාගින්නෙන් හා විජලනය වීම හේතුවෙන් එම පිරිස ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තවත් 500කට වැඩි පිරිසක් එම පතල තුළ තවමත් සිරවී සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. 

මේ අතර එරට පොලීසිය විසින් පතලේ සිරවී සිටි කම්කරුවන් 26 දෙනෙකු බේරාගැනීමට සමත්වී තිබෙනවා. 
 

ජොහැන්නස්බර්ග්හි නිරිත දෙසින් පිහිටි ස්ටිල්ෆොන්ටයින් නගරය ආසන්නයේ අදාළ පතලේ සිටි පතල්කරුවන් මාස දෙකකට පෙර ඉවත් කර පතල මුද්‍රා තැබීමට බලධාරීන් ප්‍රථම වරට උත්සාහ කර තිබෙනවා. 

මේ හේතුවෙන්  පොලිසිය සහ පතල් කම්කරුවන් අතර ගැටුමක් හටගෙන ඇතැයි සඳහන්. 

අත්අඩංගුවට ගැනීමට බියෙන් පතල් කම්කරුවන් රන් ආකරයෙන් පිටතට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් පතලට නැගීමට සහ ඉන් පිටතට යාමට භාවිතා කළ ලණු ඉවත් කර ආහාර සහ ජල සැපයුමද නවත්වා තිබෙනවා. 

මේ හේතුවෙන් එම පිරිස මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.