Wednesday, January 15, 2025

General line - 0115112241

බහාලුම් ප්‍රවාහනය රථ රියදුරන්ගෙන් රජයට ඉල්ලීමක්




බහාලුම් ප්‍රවාහනය රථ රියදුරන්ට ඇති ආරක්ෂාව සහ අනෙකුත් ගැටළුවලට ඉදිරියේදී විසඳුම් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇති බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. 

එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසුවේ මේ වන විටත් රියදුරටන්ට බලපා ඇති ගැටළු සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් දැනුවත් කර ඇති බවයි.


කොළඹ වරාය තුළ මේ වන විටත් නිශ්කාෂනය කිරීමට නොහැකිව සිරවී ඇති ආනායනික බහාලුම් සම්බන්ධයෙන් ද ඔහු මෙලෙස අදහස් පළ කළා.