කිසිදු දුරකතන පැකේජයක මිල ගණන් ඉහළ දැමීමට ජංගම දුරකතන සේවා සපයන සමාගම්වලට අවසර ලබා දී නොමැති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.
එහි අධ්‍යක්‍ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා පැවසුවේ ජංගම දුරකතන පැකේජවල මිල ගණන් ඉහළ දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බවයි.
කිසියම් පාරිභෝගිකයෙකු තමන් භාවිත කළ ජංගම දුරකතන පැකේජයන්හි මිල ඉහළ යාමකට මුහුණ දී සිටී නම් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුවත් කරන ලෙසයි එහි අධ්‍යක්‍ෂවරයා ඉල්ලා සිටියේ.