චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පස්වරුවේ චීන ජනාධිපති ෂී ජින් පිං හමුවීමට නියමිතව තිබෙනවා.
නායකයන් දෙපළගේ හමුව සිදු වීමට නියමිතව ඇත්තේ චීන මහජන ශාලාවේදීයි.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව එහිදී අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය එරට වේලාවෙන් පෙරවරු 10යි 25ට පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟාවුණා.
එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 17 වනදා දක්වා චීනයේ රැඳී සිටීමට නියමිතව තිබෙනවා.