Wednesday, January 15, 2025

General line - 0115112241

ටිරාන් අලස් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක්

උදය කුමාර




හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මහතා ඇතුළු සිලෝන් නිවුස් පේපර්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. 

ඒ, ප්‍රවෘත්ති පත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා කඩදාසි සැපයීමේ ගිවිසුමක් උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. 

එම අතුරු නියෝගය මේ මස 21 වනදා දක්වා බල පැවැත්වෙනවා. 

සිලෝන් නිවුස්  සමාගම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලු‍නා.