ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු අඩු කරන බවට ප්‍රකාශ වුවද එය මෙතෙක් සිදුව නොමැති බවට වාර්තා වනවා.
ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් ඊයේ රාත්‍රියේ කළ විමසීමකදි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසුවේ විදුලි ගාස්තු අඩු කිරීමට අදාළ මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ සිය කාර්යාලය වෙත ලැබී ඇද්ද යන්න සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවයි.
කෙසේවෙතත් විදුලි ගාස්තු අඩු කිරීමට හැකි වන්නේ එම කොමිෂන් සභාවේ නිර්දේශ සිය කාර්යාලය වෙත ලැබීමෙන් පසුව මුදල් අමාත්‍යංශයේ උපදෙස් අනුව බවද ඔහු කියාසිටියා.
ඉන් අනතුරුව නෙත් නිවුස් මහජන උපයෝගිතා කොමිසමෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළා.
ඊට ප්‍රතිචාර දක්වමින් එහි උසස් නිලධාරියෙකුද කියාසිටියේ සිය කොමිසමේ නිර්දේශ ඊයේ පස්වරුවේම ලංකා විදුලිබල මණ්ඩලය වෙත යොමු කළ බවයි.
එමෙන්ම විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් සිය නිර්දේශ පිළිබද මුදල් අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා ගැනීම අවශ්‍ය නොවන බවද ඔහු කියාසිටියා.
විදුලි ගාස්තු සම්බන්ධයෙන් ක්‍රියා කරනු ලබන්නේ 2009 අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනතේ 30වන වගන්තියට අනුව බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ඒ අනුව විදුලි ගාස්තු සම්බන්ධයෙන් යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ ලංකා විදුලිබල මණ්ඩලය විසින්.
එම යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ මහජන උපයෝගිතා කොමිසම විසින් බවයි එම උසස් නිලධාරියා පැවසුවේ.
එම ක්‍රමවේදයට අනුව 2009 වසරේ සිට විදුලි ගාස්තු සම්බන්ධයෙන් කටයුතු කර ඇති බවද ඔහු කියාසිටියා.
එමෙන්ම විදුලි ගාස්තු සම්බන්ධයෙන් සිය නිර්දේශ පිළිබඳ බලශක්ති අමාත්‍යංශය ඊයේ නිකුත් කළ නිවේදනය පිළිබඳවද මෙහිදී අදහස් පළ වුණා.
සිය කොමිසම විසින් ප්‍රකාශයට පත් කර ඇති විදුලි ගාස්තු සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබද මාධ්‍ය ලේකම්වරයෙකුට නිවේදන නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවයි එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ.
මහජන උපයෝගිතා කොමිසම ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියයට 20කින් විදුලි ගාස්තු අඩු කිරීමට තීරණය කළ බවයි.
එම ගාස්තු සංශෝධනය මෙම වසරේ මුල් මාස 06 සඳහා ක්‍රියාත්මක බවද එහිදී අදහස් දැක්වූ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවා.
සෙසු කාණ්ඩවල විදුලි ගාස්තු අඩුවන ආකාරය සම්බන්ධයෙන්ද එහිදී පැහැදිලි කෙරුණා.