Sunday, January 19, 2025

General line - 0115112241

විදුලි ගාස්තු අඩු කළාට පාර්ශව රැසකින් ආණ්ඩුවට ප්‍රණාමය




විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට සිය ප්‍රණාමය පුද කරන බව පාරිභෝගිකයන් මෙන්ම විවිධ පාර්ශව පවසනවා. 

මෙවන් අවස්ථාවක සමස්තයක් ලෙස විදුලි ගාස්තු සියයට 20කින් පහළ දැමීම තමන්ට මහත් අස්වැසිල්ලක් බවයි ඔවුන් කියා සිටියේ. 

ඒ අනුව විදුලි ගාස්තු අඩු කිරීම සඳහා මැදිහත් වූ මහජන උපයෝගිතා කොමිෂන් සභාවට සිය ප්‍රණාමය පුද කරන බව ජාතික ඉදිකිරීම් සේවක සංගමයේ ලේකම් සුපුන් අබේසේකර මහතා පැවසුවා.

විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් සමස්ත ලංකා කොමිනිකේෂන්කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතාද අදහස් පළ කළා. 

මේ, විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහරගම රෙදිපිළි සංගමයේ සභාපති කුසුම්සිරි සඳනායක මහතා.