Monday, January 20, 2025

General line - 0115112241

හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල්ට එරෙහි පෙත්සමක කරුණු තහවුරු කිරීමට දින දෙයි

උදය කුමාර




ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අලු‍තින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම හරහා අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සමක කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 07 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. 

මෙම පෙත්සම අද එස්. තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි ගිහාන් ෂවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. 

පසුගිය රජය සමයේ අලු‍තින් සුරා බදු බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබියදී අලු‍තෙන් සුරාබදු බලපත්‍ර හතරක් නිකුත් කර ඇති බවයි පෙත්සම්කරු පවසන්නේ.