කොළඹ වරාය තුළ ඇති ආනයනික බහාලුම් නිෂ්කාශනය කිරීම තවදුරටත් ප්‍රමාද වන බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසුවේ මේ වන විටත් වරාය පරිශ්‍රය තුළ නිෂ්කාශනය නොකළ බහාලුම් 3,000කට අධික ප්‍රමාණයක් පවතින බවයි.
බලාපොරොත්තු වූ පරිදි බහාලුම් නිෂ්කාශන කටයුතු සිදු නොවීම ඊට හේතුවී ඇති බවයි ඔහු කියා සිටියේ.
පසුගිය කාලය තුළ කොළඹ වරාය තුළ සේවය කළ රේගු නිලධාරින් බහාලුම් නිෂ්කාශනය කිරීමේදී වඩාත් කාර්යක්ෂමව ක්‍රියා කළ බවත්, වර්තමානයේ සේවය කරන රේගු නිලධාරින් ද එම ක්‍රමවේද අනුගමනය කරන්නේ නම් පවතින තදබදය අඩුකර ගත හැකි බවත් බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා වැඩිදුරටත් සඳහන් කළා.