පුරාවස්තු සොයා කැණීම් සිදුකරමින් සිටි සැකකරුවන් හත් දෙනෙකු මහවෙල, අම්බොක්ක ප්රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ අම්බොක්ක රජමහා විහාරය ආසන්නයේ රජයේ ඉඩමක් තුළ පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටියදි සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිල්ලවාන, දඹුල්ල, හිරියාගල. අකුරම්බොඩ, ඉබ්බාගමුව, ගුරුදෙණිය හා කඩුගන්නාව ප්රදේශවල පදිංචිකරුවන් පිරිසක්.
සිද්ධිය සම්බන්ධයෙන් මහවෙල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.