පකිස්තානය මුහුණ පා සිටින දැවැන්ත ආර්ථික අර්බුධය හමුවේ මේවනවිට පකිස්තානයේ ප්‍රමුඛතම ණය හිමියා මෙන්ම ණය දෙන්නා බවට ද පත්ව ඇත්තේ චීනයයි.
ඒ අනුව පකිස්තානයේ ක්‍රියාත්මක චීන ව්‍යාපෘති ශක්තිමත් කිරීමට පකිස්තානය දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
එහිදී චීන-පකිස්තාන ආර්ථික කොරිඩෝව (CPEC) යලි ප්‍රබෝධමත් කිරීමට පකිස්ථානය දරන උත්සාහය ප්‍රධාන තැනක් ගෙන තිබෙනවා.
එහෙත් චීන ජාතිකයින් පකිස්තානය තුලදී මුහුණ පා සිටින ආරක්ෂාව පිළිබඳ අර්බුධට ඒ සඳහා ගැටළු මතු කර ඇතැයි වාර්තා වනවා.
පකිස්ථාන නිලධාරීන් සහ චීන රජයේ නියෝජිතයින් අතර අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන් මෑත කාලීනව පැවැති ඉහළ මට්ටමේ රැස්වීම්වලදී චීන ජාතිකයින්ගේ ආරක්ෂාව සහ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ සැලකිය යුතු උත්සුකයන් ඉස්මතු කර ඇතැයි සඳහන්.
චීන පකිස්තාන ආර්ථික කොරිඩෝව ආරම්භයේදී ශක්තිමත් හවුල්කාරිත්වයක සංකේතයක් ලෙස සමරනු ලැබුවද, නැගී එන ගැටළු එහි ප්‍රගතියට බාධා එල්ල කර තිබෙනවා.
පකිස්තානයේ අමාත්‍ය අහ්සාන් ඉක්බාල් චෞද්රිගේ දෙසැම්බර් මාසයේ සිදු කළ බීජිං සංචාරය තත්වයේ සංකීර්ණත්වය අවධාරනය කර ඇතැයි සඳහන්.
චෞද්රි චීන ජාතිකයින්ට එරෙහි ප්‍රහාර පිළිබඳ උත්සුකයන් ආමන්ත්‍රණය කළ අතර, ඒවාට “සතුරන්ගේ බාහිර ක්‍රියා” ආරෝපණය කරමින් චීනයේ අපනයන-ආනයන (EXIM) බැංකුවෙන් අඛණ්ඩ මූල්‍ය ආධාර ලබා ගැනීමට උත්සාහ කර ඇති බවයි පැවසෙන්නේ.
පකිස්තානයේ ආරක්ෂක තත්ත්වය තීරණාත්මක අභියෝගයක් ලෙස පවතින අතර 2024 දී පමණක්, CPEC ව්‍යාපෘතිවලට සම්බන්ධ අවම වශයෙන් චීන කම්කරුවන් පස් දෙනෙකුට Baloch සටන්කාමීන්ට එල්ල කළ ප්‍රහාරවලින් දිවි අහිමි වී තිබෙනවා.
මෙම වර්ධනයන් සමඟ චීනයේ කලකිරීම වඩාත් පැහැදිලිව පෙනෙන අතර පකිස්ථානයට තම පුරවැසියන් ආරක්ෂා කිරීමට ඇති හැකියාව විවේචනය කරමින් චීන තානාපතිවරයා විසින් මෑතකදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කර තිබුණා.
CPEC ව්‍යාපෘති කිහිපයක් අත්හිටුවීම සහ පකිස්තානයට නව අරමුදල් සැපයීමට චීන මූල්‍ය ආයතනවලින් ඇති මැලිකම වැඩි වීම වැනි ක්‍රියාවලින් මෙම හැඟීම පිළිබිඹු වන බවයි වාර්තා වන්නේ