Saturday, May 18, 2024

General line - 0115112241

ඔලිම්පික් ගිය නිලධාරීන්ට වැඩ වරදින ලකුණු




බ‍්‍රසීලයේ පැවති ඔලිම්පික් කි‍්‍රඩා උළෙලට ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩා නිලධාරින් 46 දෙනෙකු සහභාගිවීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නියෝගයක් නිකුත් කර තිබෙනවා.

දේශපාලන ආරංචිමාර්ග සදහන් කළේ ශී‍්‍ර ලංකා ඔලිම්පික් කමිටුවේ කි‍්‍රයාකාරිත්වය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයාට පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.

බ‍්‍රසීලයේ රියෝදජනැයිරෝ නුවර පැවති ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 9 දෙනෙකු පමණක් සහභාගි වූණා.

එහෙත් ඊට නිලධාරීන් 46 දෙනෙකු සහභාගි වූයේ කුමන පදනමින් දැයි අදාළ වාර්තාවෙන් පෙන්වා දෙන ලෙසයි අග‍්‍රාමාත්‍යවරයා නියෝග කර ඇත්තේ.