Friday, September 20, 2024

General line - 0115112241

දෙමළ සන්ධානයට පොරොන්දුවක් දී බැන්කි මූන් නික්ම යයි




එක්සත් ජාතීන්ගේ මහලේකම් බැනික් මූන් සිය ශ‍්‍රී ලංකා සංචාරයේදී දෙමළ ජාතික සන්ධානය සමග ද පැය එක හමාරකට වැඩි කාලයක් සාකච්ඡා කළා.

එහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා තමන්ට සහතිකයක් ලබාදුන් බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් කියා සිටියේ.

ඉඩම් නිදහස් කිරීම,දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම මානව හිමිකම් කවුන්සලයේ සම්මත කරගත් යෝජනා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් තමා වැඩ කරන බව ඔහු පැවසූ බවයි මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් කියා සිටියේ

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාවේ මෑතකදී සිදුවූ බල පෙරළියෙන් යහපත් ප‍්‍රතිඵල රැසක් ලැබී ඇතැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් පවසනවා. ඔහු ඒ බව පැවසුවේ සිය ශ‍්‍රී ලංකා සංචාරය නිමා කරමින් ඊයේ රාත‍්‍රී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්.

සිය ශ‍්‍රී ලංකා සංචාරයේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රජයේ ප‍්‍රධානීන් මුණගැසුණා. ඔහු ඊයේ රාත‍්‍රී 10.30ට ශ‍්‍රී ලංකාවෙන් පිටත්ව ගිය බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.