Saturday, July 27, 2024

General line - 0115112241

කෝටි 200කට ‘සීකා‘ වැලඳීමේ අවදානමක්




පුද්ගලයින් කෝටි 200කට සීකා වෛරසය ආසාධනය වීමේ අවදානමක් පිළිබ` බි‍්‍රතාන්‍යයේ ‘ද ලාන්සෙට්’ විද්‍යා සඟරාව ඊයේ කළ අනතුරු ඇඟවීම තහවුරු කරමින් කැනඩාවේ ටොරන්ටෝ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායමක් ද ප‍්‍රකාශ නිකුත් කර තිබෙනවා.

‘ද ලාන්සෙට්’ විද්‍යා සඟරාව අදාළ අනතුරු ඇඟවීම නිකුත් කළේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සපයන ලද ලිපියකින්. අප‍්‍රිකාවේ සහ ආසියාවේ කලාප රැසක සීකා වෛරසය දැනටත් සීඝ‍්‍රයෙන් පැතිරෙමින් ඇතැයි අදාළ ලිපියෙන් කරුණු දක්වා තිබුණා.

ටොරන්ටෝ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පවසන්නේ මෙම අවදානම අවම කිරීමට නම් ආසාධනයවූවන්ට ප‍්‍රතිකාර ලබාදීමට මෙන්ම ආසාධනය වළක්වා ගැනීමට ද ආසියානු හා අප‍්‍රිකානු රටවල් කඩිනමින් පියවර ගත යුතු බවයි.

පවතින දේශගුණික හා පාරිසරික සාධක සීකා වෛරසය ආසියානු හා අප‍්‍රිකානු රටවල සීඝ‍්‍රයෙන් පැතිරීමට ප‍්‍රධාන හේතූන් වී ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.