කසකස්තානයේදී අනතුරට ලක්වූ අසර්බයිජාන් ගුවන් සේවයට අයත් යානය රුසියානු ගුවන් ආරක්ෂක පද්ධති මගින් බිම හෙළා ඇති බවට අසර්බයිජාන් පරීක්ෂණ මගින් අනාවරනය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
අසර්බයිජාන් බලධාරීන් පවසන්නේ රුසියාවේ ගුවන් යානා නාශක මිසයිලයක් එම ගුවන් යානයට එල්ල වී ඇති බවයි.
යානය කඩා වැටෙන අවස්ථාවේ යුක්රේන ඩ්‍රෝන යානා චෙච්නියා නගරයට ඉහළින් පියාසර කරමින් සිටි බවත් එය රුසියාවේ ගුවන් ආරක්ෂක වළල්ලට හසු වන්නට ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
කෙසේවෙතත් යානයේ ගුවන් නියමුවන් විසින් හදිසි ගොඩබෑමකට අවසර ඉල්ලා ඇති අතර කිසිදු රුසියානු ගුවන් තොටුපළකට එම යානය ගොඩබෑමට ඉඩ ලබා දී නොමැති බවටද චෝදනා එල්ල වනවා.
ඒ අනුව අදාළ අසර්බයිජාන් ගුවන් යානය කැස්පියන් මුහුද හරහා කසකස්තානයේ අක්ටාවු නගරය දෙසට පියාසර කරන ලෙසටද රුසියානු බලධාරීන් විසින් නියෝග කර ඇති බවටද විදෙස් වාර්තාවල සඳහන්.
නත්තල් දා කසකස්තානයේදී අනතුරට ලක්වූ එම ගුවන් යානය තුළ පුද්ගලයින් 67 දෙනෙකු රැඳී සිටි අතර ඉන් පුද්ගලයින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. තවත් පුද්ගලයින් 29 දෙනෙකු එම අනතුරෙන් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.