Friday, September 20, 2024

General line - 0115112241

වෙනස දැක සතුටු වුණා – රට රැකගැනීමට අවස්ථාවක් කරගත්තා




එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන්ගේ ශ‍්‍රී ලංකා සංචාරය ශ‍්‍රී ලංකාවේ ඉදිරි ගමනට ජාත්‍යන්තරයේ සහාය තවදුරටත් ලබාගැනීමට සවියක් වූ බව ආණ්ඩුව පවසනවා. විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ රටේ සිදුව ඇති ප්‍රජාතන්ත්‍රවාදී වෙනස සම්බන්ධයෙන් මහලේකම්වරයා සතුටට පත්වූ බවයි.

මේ අතර රට රැකගැනීම සඳහා සිය මතය ජාත්‍යන්තරයට අවධාරණය කිරීමට බැන්කි මූන්ගේ ශ‍්‍රී ලංකා සංචාරය අවස්ථාවක් කරගත් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ සිය ඉල්ලීම් ඇතුළත් ලියවිල්ලක් මෙම සංචාරයේදී බැන්කි මූන් වෙත භාරදුන් බවයි.

ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ සෙනාධිනායකයා ඇතුලු රණවිරුන් දඩයම් කිරීමට දරණ උත්සහය හෙලා දකින බවත් ඕනෑම කටයුත්තක් සොයා බලා යුක්තිය ඉෂ්ඨ කිරීමට මෙරට පවතින අධිකරණ පද්ධතිය ප්‍රමාණවත් බවත් කිසිදු විදේශීය ඇඟිලි ගැසීමට ඉඩ නොතබන ලෙසත් එම ලිපියෙන් ඉල්ලා සිටි බව බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

සිය ශ‍්‍රී ලංකා සංචාරය නිමා කර එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඊයේ රාත‍්‍රී පිටත්ව ගියා.