Wednesday, February 5, 2025

General line - 0115112241

ජාත්‍යන්තර බැඩ්මින්ටන් ජයග්‍රහණ ලැබූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙක් යළි දිවයිනට

ටීකේජී කපිල




බංග්ලාදේශයේ පැවති ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ බැඩ්මින්ටන් ශූරතා තරඟාවලියේ ජයග්‍රහණ හිමිකරගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු යළි මෙරටට පැමිණියා. 

එම තරඟාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා. 

රටවල් 20ක බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් මෙම තරඟාවලිය ඉකුත් 17 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වුණේ බංග්ලාදේශයේ ඩකා අගනුවරදීයි. 

එහිදී ශ්‍රී ලාංකික ක්‍රීඩක විරේන් නෙත්තසිංහ රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර සිතුමි ද සිල්වා සහ ඉසුරි අත්තනායක ලෝකඩ පදක්කම් 02ක් දිනා ගැනීමට සමත් වුණා.