Friday, September 20, 2024

General line - 0115112241

කෝටිපති ව්‍යාපාරිකයා එලොව යැවූ ‘නාට්ටාමි‘




බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු ප‍්‍රධාන සැකකරු ඇතුළු අටදෙනා පැය 48ක කාලයක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට අධිකරණය ඊයේ (02)අවසර ලබාදුන්නා.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර පෑලියගොඩ මාළු වෙළඳසලේ නාට්ටාමිවරයෙකුද සිටින බවයි වාර්තාවන්නේ.

කෑගල්ල ප්‍රදේශයේ දුරකථන මධ්‍යස්ථානයක තිබූ සීසීටීවි කැමරාවකින් මොහු සහ තවත් සැකකරුවෙකු හඳුනාගෙන තිබෙනවා.

පසුව කළ පරීක්ෂණ වලදි මොහු නාට්ටාමිවරයෙකු බවයි හෙළිව අත්තේ.

මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට හවුල් වී ඇති අතර අනෙකා ව්‍යාපාරිකයාගේ පියාගෙන් කප්පම් ඉල්ලූ පුද්ගලයා බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් අතර ව්‍යාපාරිකයාගේ මුදල් කටයුතු බාර ප්‍රධානියෙකුද සිටින බවයි වාර්තා වන්නේ.