Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රීලනිපයේ 65 වන සමුළුවට ලක්ෂ 5ක් ආවා – එස්.බී




කුරුණෑගල මාළිගාපිටිය කී‍්‍රඩාංගණයේ ඊයේ (04) පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ 65 වන සමුළුවට ලක්‍ෂ 5 කට අධික පිරිසක් සහභාගි වූ බව අමාත්‍ය එස්.බී දිසානායක පවසනවා.

සමුළුවෙන් අනතුරුව නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට කිසිදු දේශපාලන පක්‍ෂයක වාර්ෂික සමුළුවක් සදහා එවැනි පාක්‍ෂිකයන් පිරිසක් මෙතෙක් සහභාගි වී නොමැති බවයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් ආසන සංවිධායකවරුන් ඉකුත් දින කිහිපයේදී ඉවත් කෙරුණා.

එලෙස ඔවුන් ඉවත් කෙරුණේ බලමණ්ඩල සාමාජිකයන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලිම් සැලකිල්ලට ගෙන බවයි එස්.බී දිසානායක අමාත්‍යවරයා සදහන් කළේ.

කෙසේවෙතත් සමුළුවට සහභාගි නොවූ පිරිස් සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් නොකරන බවද ඔහු කියාසිටියා.