Thursday, March 28, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකාවේ මැලේසියානු මහකොමසාරිස්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කැඳවීමක්




මැලේසියාවේ ශී‍්‍ර ලංකා මහකොමසාරිස් අයි. අන්සාර්ට එල්.ටී.ටී.ඊ ඩයස්පෝරා කණ්ඩායමක් ඊයේ (04) එල්ල කළ ප‍්‍රහාරය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මැලේසියාවේ ශ‍්‍රී ලංකාවේ මහකොමසාරිස්ට ඊයේ (04) එල්ල වූ ප‍්‍රහාරය රජය හෙළා දකින බවද විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සදහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට ශී‍්‍ර ලංකාවේ මැලේසියානු මහකොමසාරිස්වරයා අද (05) දිනයේදී විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම දිනවල මැලේසියාවේ සංචාරයක නිරත වනවා.

ඔහුට විරෝධය පළ කරමින් එරට ස්ථාන කිහිපයක ඉකුත් දින කිහිපයේදි එල්.ටී.ටී.ඊ ඩයස්පෝරා සාමාජිකයන් උද්ඝෝෂණ පැවැත්වූවා.

එමෙන්ම මැලේසියාවේ සෙන්තූල් බෞද්ධ විහාරස්ථානයටද එල්.ටී.ටී.ඊ ඩයස්පෝරා සාමාජිකයන් ප‍්‍රහාරයක් එල්ල කළා. ඒ, මහින්ද රාජපක්‍ෂ මහතා එම විහාරස්ථානයේ ආගමික වතාවත්වලට එක්වීමට නියමිතව සිටි බැවින්.

කෙසේවෙතත් එරට රජය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දැඩි ආරක්‍ෂාවක් ලබාදී තිබූ බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මැලේසියාවේ සිට නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේ.