Friday, April 26, 2024

General line - 0115112241

කැංගරුවන් හමුවේ සිංහයන් පසුබසිද්දී මාලිංග පිටියට




පාදයේ ආබාධයකට ලක්ව සිටි වේගපන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග යළි පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් මාලිංග පැවසුවේ තමන් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අවශ්‍යතාව මත පුහුණුවීම් ආරම්භ නොකළ බවයි.

“ඔව් මම දුවන්න පටන්ගත්තා. පුළුවන් විදිහට බෝල් කරන්න පටන්ගත්තා. මම සෙල්ලම් කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මගේ ෆිට්නස් අනුව. මම මාස 10ක් ක්‍රිකට් ගහලා නැහැ. ඉතිං මාස 10ක් ක්‍රිකට් ගහලා නැති මට එකපාරටම ක්‍රිකට් ගහන්න බැහැ. නමුත් මම පුහුණුවීම් පටන්ගත්තා. මේක ලංකාවේ කණ්ඩායම නිසා මම පටන්ගත්ත එකක් නෙමෙයි. මම මගේ ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන ආසාව නිසා මගේ පුහුණුවීම් පටන්ගත්තා පාදයේ සිදුවූ ආබාධයෙන් පසුව. රටේ ක්‍රිකට් ක්‍රීඩාවට මාව අවශ්‍යනම් ඒගොල්ලෝ මාව ගනියි. රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ අවශ්‍යතාවය මත මම ක්‍රිකට් පටන්ගත්තේ නැහැ”.

එම හඬපටය පහතින් දැක්වේ

තම ආබාධය පූර්ණ වශයෙන් සුවවූ පසු යළි කි‍්‍රකට් පිටියට අවතීර්ණවීමට බලාපොරොත්තු වන බවයි ලසිත් මාලිංග පැවසුවේ.

“රටේ ක්‍රිකට්වලට අපිව අවශ්‍ය නැහැ දැන්. මම මගේ ක්‍රිකට්වලට ආස නිසා තව අවුරුද්දක් දෙකක් ක්‍රිකට් ගහන්න එපැයි රටට බැරිනම් වෙනකොහේහරි. ඒ නිසා මම මගේ ක්‍රිකට් ක්‍රීඩාව පටන්ගත්තා. මම හිතනවා පුහුණුවීම් කරගෙන ගිහින් කවදාහරි තරඟයක් ගහන තත්ත්වයකට ෆිට් වුනොත් , හෙට ෆිට් වුනා කියමුකො එතකොට රටේ මැච් නැතිවෙන්න පුළුවන්. IPL , BIG BASH තියෙන්න පුළුවන් මම ඒවට යනවා. මම රටේ ක්‍රිකට්වලට ෆිට් උන්නැහැ.දැන් හිතන්නාකා මම අද ෆිට් කියලා එහෙම වුනොත් රටේ මැච් එකක් තිබුනොත් ඒකට මාව දායි. එහෙනම් මං ඒක ගහනවා”.

එම හඬපටයද පහතින් අහන්න