Thursday, April 25, 2024

General line - 0115112241

ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩි ප‍්‍රහාරයක්




අකුරැස්ස ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට ඊයේ (04) රාති‍්‍රයේ වෙඩි ප‍්‍රහාරයක් එල්ලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අදාළ ව්‍යාපාරිකයා කළ පැමිණිල්ලකට අනුව පොලීසිය විමර්ශන සිදුකරන බවයි.

මීට දින කිහිපයකට පෙර අදාළ ව්‍යාපාරිකයාගේ සහෝදරියකට කිසියම් පිරිසක් තර්ජනය කර තිබෙනවා.

එමෙන්ම ඇයගේ නිවසද කොල්ලකෑමට ලක්ව ඇති බවයි පොලීසිය පවසන්නේ.

අදාළ සිද්ධිය පිළිබදවද විමර්ශන කි‍්‍රයාත්මකයි. මෙම සිද්ධීන් දෙකම එකම පාර්ශවයක් විසින් සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක කරනවා.