Friday, April 26, 2024

General line - 0115112241

කටුනායක ගුවන් තොටුපොල ආසියාවේ නරකම 10 අතරට




කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොල ආසියානු රටවල් අතර ඉතා දුර්වලතම ගුවන් තොටුපොල අතරින් දස වන ස්ථානයට පත්ව තිබෙනවා.

විදෙස් වෙබ් අඩවියක් වාර්තා කර ඇත්තේ නේපාල්හි කත්මණ්ඩු ති‍්‍රබුවාන් අන්තර්ජාතික ගුවන් තොටුපොල එහි පළමු ස්ථානයේ සිටින බවයි.

උස්බිකිස්තානයේ ටෂ්කෙන්ට් අන්තර්ජාතික ගුවන් තොටුපොල 2 වන ස්ථානයේ පසුවන අතර ඇෆ්ගනිස්ථානයේ කාබුල් හමීඩ් කර්සායි අන්තර් ජාතික ගුවන් තොටුපොල තෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

ගුවන් තොටුපොලක පවතින විවිධ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම පෙළගැස්ම සිදුකර තිබෙනවා. ගුවන් මගීන්ට ලබාදෙන පහසුකම් සහ ආහාර පිළිබඳව මෙහිදී අවධානය යොමුකර තිබෙනවා.

ගුවන් මගීන්ගේ ගමන් මළු සම්බන්ධයෙන් වගකීමක් දැරීමද මෙහිදී සැලකිල්ලට ලක්කර තිබෙනවා. කටුනායක බණ්ඩාරණායක අන්තර් ජාතික ගුවන් තොටුපොලේ අඩුපාඩු රැසක් පවතින බවයි අදාළ වෙබ් අඩවිය පෙන්වා දී ඇත්තේ.

ගුවන් තොටුපොල පරිශ‍්‍රය දැඩි ලෙස අපවිත‍්‍ර වි තිබෙනවා. වැසිකිළි පද්ධතියද පිරිසිදු මට්ටමක නොමැති බවයි එහි දක්වා ඇත්තේ.

කාර්ය මණ්ඩලයේ අකාර්යක්‍ෂමතාවද ඔවුන් පෙන්වා දී තිබෙනවා. කෙසේවෙතත් කටුනායක බණ්ඩාරණායක අන්තර්ජාතික ගුවන් තොටුපොල පරිශ‍්‍රය තුළදි දේශීය දුරකතන සමාගම්වල සිම් කාඩ්පත් ලබාගැනීමට අවශ්‍ය පහසුව සලසා දි තිබීම වඩාත් යෝග්‍ය බවයි එහි දැක්වෙන්නේ.