Thursday, September 19, 2024

General line - 0115112241

ඉදිරියේදී තවත් බද්දක්




බීම වර්ගවල අඩංගු සීනි ප‍්‍රමාණය අනුව බදු අයකර ගැනීමේ ක‍්‍රමයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ඉකුත් දා හඳුන්වා දුන් වර්ණ සංකේත ක‍්‍රමයට අදාළව මෙම නව බදු ක‍්‍රමය හඳුන්වාදෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. ඇතැම් විදේශීය රටවල මෙවැනි බදු ක‍්‍රමයක් දැනටමත් කි‍්‍රයාත්මක වන බවද අමාත්‍යවරයා පැවසුවා.

ආහාරවල අඩංගු ලුණු සහ මේදය සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

මෙම අදහස් පළ කෙරුණේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු හා නැගෙනහිර ආසියානු කලාපයේ 69 වන වාර්ෂික කමිටු සැසිවාරයේදීයි. කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අද (05) මෙම සැසිවාරය පැවැත්වුණා.

ඊට සහභාගි වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේ කලාපයීය රටවල් සඳහා පොදු සෞඛ්‍ය වැඩසටහනක් හඳුන්වා දිය යුතු බවයි. පුරවැසියන්ට වඩා හොඳ ජීවන තත්ත්වයක් සහ සෞඛ්‍ය සේවයක් ලබාදිය හැක්කේ එමගින් බවද අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

සෞඛ්‍ය සේවාව සඳහා දල දේශීය නිෂ්පාදිතයෙන් වෙන් කරන ප‍්‍රතිශතය වැඩි කළ යුතු බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.