Thursday, September 19, 2024

General line - 0115112241

බුදුදහමට ප්‍රමුඛතාව සහ සුරක්ෂාව නැහැලු




උතුරු පළාතේ බුදුපිළිම කඩා දැමීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන්නැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද (05) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණා.

කඩා දැමුණු බුදුපිළිම වෙනුවට වෙනත් බුදුපිළිම එම ස්ථානවලම පිහිටුවන ලෙස බුද්ධ ශාසන අමාත්‍යවරයාට නියෝග කරන ලෙසද මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

පෙත්සම ගොනුකර ඇත්තේ නීතිඥ දර්ශන වේරදුවගේ විසින්. උතුරු පළාතේ බුදුපිළිම කඩා දැමීමෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ලබා දී ඇති ප‍්‍රමුඛතාව සහ සුරක්ෂාව උල්ලංඝනය වී ඇතැයි ද එමගින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි ද පෙන්වා දී තිබෙනවා.