Thursday, September 19, 2024

General line - 0115112241

ගම්මන්පිලට සිතාසි යවයි




ලබන නොවැම්බර් මස පළමු වෙනිදා සහ තුන් වෙනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිලට අද (05) සිතාසි නිකුත් කෙරුණා.

ඒ, ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුට අයත් සමාගමක කොටස් අයථා ලෙස වෙනත් ව්‍යාපාරිකයෙකුට විකිණීම සම්බන්ධයෙන් පවරා ඇති නඩු දෙකකට අදාළවයි.

මෙම ගනුදෙනුවෙන් රුපියල් මිලියන 20 ක වංචාවක් සිදුවී ඇතැයි ද ඊට අමතරව රුපියල් මිලියන 21 ක් එහිදී සාවද්‍ය ලෙස පරිහරණය කර ඇතැයි ද නීතිපතිවරයා විත්තිකරුවන්ට චෝදනා නගා තිබෙනවා.