Thursday, September 19, 2024

General line - 0115112241

‘ගැහුවේ මහකොමසාරිස්ට – වැදුනේ රටට’




තමන්ට එරෙහිව මැලේසියාවේදී කෙරුණු උද්ඝෝෂණවලට ශ‍්‍රී ලංකා ආණ්ඩුව කිසිඳු ප‍්‍රතිචාරයක් නොදැක්වීම සම්බන්ධයෙන් විමතියට හෝ කණගාටුවට පත් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කෙසේ වෙතත් මැලේසියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස්වරයාට සිදුවූ පහරදීම සම්බන්ධයෙන් තමා කණගාටුවට පත්වන බවයි ඔහු කියා සිටියේ. රජයේ ඇමතිවරයෙකු සමග පැමිණ සිටි මහකොමසාරිස්වරයාට එල්ල වූ මෙම ප්‍රහාරය රජයට එල්ලවූ ප්‍රහාරයක් බවත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා. ඒ නිසාවෙන් මෙම ක්‍රියාව තුළින් අපකීර්තියට පත්වන්නේ රට බවත් පැවසුවා.

තම මැලේසියානු සංචාරය නිමවා අද (05) පෙරවරුවේ ශ‍්‍රී ලංකාවට පැමිණීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් දැක්වූවා.

ඔහු පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ සමීපයේ මහජන උද්ඝෝෂණයක් ද පැවැත්වීම විශේෂත්වයක්.